17
ආයුධ සන්නද්ධ කණ්ඩායමක් වයඹ දිග නයිජීරියාවේ පාසලකින් සිසුන් 287දෙනකු පැහැරගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැහැරගැනීමට ලක්වූ සිසුන් වයස අවුරුදු 8ත්, 15ත් අතර පසුවන බව ද වාර්තා වේ.
පාසල ආරම්භ කිරීමට පෙර ක්‍රීඩාපිටියේදී සිසුන් එක්රැස්ව සිටි අතරතුර යතුරුපැදිවලින් පැමිණි තුවක්කුකරුවන් මේ පැහැරගැනීම සිදු කළ බව ගුරුවරයකු පොලිසියට ප්‍රකාශ කර තිබේ
පැහැරගැනීම අතරතුර තුවක්කුකරුවකු සිසුවියකට වෙඩි තැබූ බවත්, ඇය මේ වන විට රෝහලගතව ප්‍රතිකාර ගන්නා බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඒ මොහොතේ සිසුන් සමඟ සිටි ගුරුවරයා පලා ගොස් ජීවිතය බේරා ගෙන ඇතැයි ද වාර්තා වේ.