Home Politics News Room : අනුර කුමාර කයියනායකයකු නොවී පක්ෂයට ප්‍රතිපත්තියක් හදාගන්න – මන්ත්‍රී...

News Room : අනුර කුමාර කයියනායකයකු නොවී පක්ෂයට ප්‍රතිපත්තියක් හදාගන්න – මන්ත්‍රී රෝහණ බණ්ඩාර

1
0

මේ වනතෙක් ආර්ථික ප්‍රතිපත්තියක් සකසා ගැනීමට නොහැකි වූ අනුර කුමාර දිසානායකට, වේදිකාවේ කයියනායක කෙනකු විදිහට වැඩ නොකර, පළමුවෙන් තම පක්ෂයට ප්‍රතිපත්තියක් සකසා ගන්නා ලෙස ඉල්ලා සිටින බව මැදවච්චිය ආසන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මැදවච්චියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ඊයේ (12) දහවල් මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා,

“ඉස්සර වෙලා රැස්වීම තියන අතරතුර මැතිවරණයට අවශ්‍ය ප්‍රතිපත්තියක් හදා ගන්න. ආර්ථික දර්ශනයක්, ප්‍රතිපත්තියක් සකස් කර ගන්න. කථිකයෝ සියල්ලම තම පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ එකම දේ කියන්න හදා ගන්න. එක එක්කෙනා එක එක දේවල් කියනවා. කාන්තාවන් නිරුවත් කරලා පෙරහරවල් තියන්න කතා තරනවා. තවත් කෙනකු නැවත ගණිකා වෘත්තිය නීතිගත කරන්න කතා කරනවා. තව කෙනකු ක්ෂද්‍ර මූල්‍ය ණය උගුලින් කාන්තාව බේරගන්න නැවත කාන්තාව දර ළිපට ගෙනියන්න ඕන කියලා කියනවා. එක වෙලාවකට ඉන්දියාව හොඳ නෑ කියනවා. ඉන්දියාවේ ගිහින් කොමිස් කුට්ටි ලැබුණාම ඉන්දියාව ෂෝයි කියනවා.

අනුර කුමාර මහත්තයෝ කොළඹින් රැස්වීමකට කාන්තාවන් 5000ක් ගේන්න බැරි නම් බෙල්ලේ වැල දාගන්න. හැමදාම ජේ.වී.පී රැස්වීමවල සෙනඟ හිටියා. නමුත් ප්‍රතිඵලය 3%යි. ඉගෙන ගන්න මුලින්ම දේශපාලනය කරන්න.”

කැබිතිගොල්ලෑව සමූහ – එස්.ජී. උබේපාල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here