Home Politics News Room : ජන­පති සටනේ ඉදි­රි­යෙන් සිටින්නේ සජබ සහ පොහො­ට්ටු­වයි

News Room : ජන­පති සටනේ ඉදි­රි­යෙන් සිටින්නේ සජබ සහ පොහො­ට්ටු­වයි

1
0

ජන­පති සටනේ ඉදි­රි­යෙන් ඉන්නේ සමගි ජන බල­වේ­ගය සහ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ බව නුව­ර­එ­ළිය දිස්ත්‍රික් සංව­ර්ධන කමි­ටුවේ සභා­පති නුව­ර­එ­ළිය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රි එස්. බී. දිසා­නා­යක මහතා පැවැ­සීය.

මන්ත්‍රී­ව­රයා මේ බැව් කියා සිටියේ පෙරේදා(14) නුව­ර­එ­ළිය දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලයේ පැවැති නුව­ර­එ­ළිය දිස්ත්‍රික් සංව­ර්ධන කමිටු රැස්වී­මෙන් පසු අද­හස් දක්ව­මිනි.

එහිදී එස්. බී. දිසා­නා­යක මහතා මෙසේ ද පැවැ­සීය.

‘ඉදිරි ජනා­ධි­ප­ති­ව­රණ තර­ගය තිබෙන්නේ සජ­බ­යට හා ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණට පම­ණයි. ඊට පස්සේ 15%ක් වගේ ගන්න කණ්ඩා­ය­මක් ඉන්නවා.

ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ඡන්ද ගොඩ­වල් තුනක් තිබෙ­නවා. ඒකෙ­නුත් ලොකු ගොඩ­වල් දෙකයි.එයින් එකක් සජබ. අනික පොහො­ට්ටුව ගන්නවා.

ඊට අඩු මට්ට­මෙන් 15% මට්ටමේ තිබෙන්නේ ජවිපෙ ප්‍රමුඛ කණ්ඩා­ය­මට.

ඊළ­ඟට ඉන්නේ සීයට පහට අඩු­වෙන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය වගේ සුළු පක්ෂ. අන්ති­ම­ටම ඉන්නේ සිය­යට දෙක­කට වඩා අඩු­වෙන් ඔය අපෙ­නුත් කඩා­ගෙන ගිහින් හදා­ගත්ත පක්ෂ­ව­ලට සහ අලු­තින් හදා­ගෙන එන පක්ෂ­ව­ලට. කථා­නා­ය­කට විරු­ද්ධව ගෙනාපු විශ්වා­ස­භං­ගය පිස්සු විශ්වා­ස­භං­ග­යක්.පොලි­ස්පති තෝරා පත්කර ගැනීමේ ක්‍රම­වේද සිය­යට සීයක් නිවැ­ර­දියි.

ඒ විශ්වා­ස­භං­ගය ජය­ග­න්නවා නම් ඉදි­රි­යට තීන්දු තීරණ ගන්න වෙන්නේ එම ක්‍රම­වේ­ද­ය­ටම තමයි. ඒ ගැන කිසිඳු තර්ක­යක් නැහැ. ගෝඨා­භය රාජ­පක්ෂ ගැන ලියැ­වුණු පොතේ ලියැවී තිබෙන්නේ ගෝඨා­භය රාජ­පක්ෂ මුලා­වෙච්ච හැටි, රැව­ටුණු හැටි සහ ඔහු ඇද­ව­ට්ටන්න ගෙනාපු කුම­න්ත්‍රණ ගැන තමයි’ යනු­වෙන් ඒ මහතා පැවැ­සීය.

හැටන් රංජිත් රාජ­පක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here