Home Politics News Room : ඉක්ම­නට නඩු දාන්න අපිත් ලෑස්තියි ඔප්පු කරන්න

News Room : ඉක්ම­නට නඩු දාන්න අපිත් ලෑස්තියි ඔප්පු කරන්න

2
0
sunil handunneththi

“කෝප් සභා­පති රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන අපේ විජිත හේරත් සහෝ­ද­ර­යට එරෙ­හිව අප­හාස නඩු දාන­කල් බලා­ගෙන ඉන්නවා“ යැයි ජාතික ජන බල­වේ­ගයේ සුනිල් හඳු­න්නෙත්ති මහතා පැව­සු­වේය.

ඒ මහතා මේ බව පැව­සුවේ ගාල්ල සමෝදා උත්සව ශාලාවේ දී පෙරේදා (16) පැවැති රැස්වී­ම­ක­දීය.

අපේ විජිත හේරත් සහෝ­ද­ර­යාට එරෙ­හිව රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන උන්නැහේ එන්ත­ර­වාසි ලබන සතියේ එව­නවා කියලා මාධ්‍ය­වල විකා­ශය වෙනවා අපි දැක්කා. අනේ ලොකු දෙයක්. ඉක්ම­නට නඩු දානවා නම් අපිත් ලෑස්තියි ඔප්පු කරන්න. ඒ නඩුව ඉක්ම­නට ගන්නවා නම් හොඳයි. අපිට සාක්ෂි ඕනෑ තරම් තිබෙ­නවා එයා කවුද කියලා ඔප්පු කරන්න. අපි උසා­වියේ දී හමු වෙන්න කැමැ­තියි.

එයා උසාවි මග හැරල ගිය කෙනෙක්. අල්ලස් කොමි­ෂ­මට එන්න කීවම නයා ගහපු කෙනෙක්. අපි කැම­තියි එයා නඩු දාන­වාට උසා­වියේ දී හමු­වෙන්න පුළු­වන්. අපි හරිම කැම­තියි එයා අපිට එන්ත­ර­වාසා එව්වොත් ඉක්ම­නට උත්තර දෙනවා. රජයේ මුදල් ආරක්ෂා කිරීම ගැන ජන­තා­වට වග­කි­යන්නේ කෝප් කමි­ටු­වයි. ඒ නිසා අපි හරි කැමැ­තියි ඒ දෙව­ල්වල ඇත්ත නැත්ත උසා­වියේ දී කතා කරන්න.

අද ඖෂධ වංචා­වක් ගැන නඩුව යනවා. ආර්ථික සංව­ර්ධ­න­යක් මෙන්ම චින්තන විප්ල­ව­යක් ද මේ රටට අව­ශ්‍යයි. කසා­වත දරන ස්වාමීන් වහ­න්සේ­ලාට ඒ සඳහා විශාල හැකි­යා­වක් තිබෙ­නවා යැයිද හෙතෙම කීවේය.

දික්වැල්ල – තිල­ක­රත්න ගාල්ල – උතුර සමූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here