10
“ඇතැමුන් විටෙක කියනවා මට ඉංග්‍රීසි භාෂාව බෑ කියලා. ආයෙ කියනවා මගේ ඉංග්‍රීසි භාෂාව බර වැඩියි කියලා. මේ චෝදනා දෙකෙන් වැටහෙන්නේ ඔවුන්ගේ නූගත්කම.” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසුවේය. විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේ පෙරේදා (17) මාතර, මාලිම්බඩ ශ්‍රී සුමේධ මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් දීමේ උත්සවයේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙලෙස ද කීවේය.
“මම ගල්කිස්ස ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙන ගෙන එංගලන්තයේ සාමාන්‍ය පෙළ හදාරන්නට ගියා. සිංහලෙන් ඉගෙන ගත්ත මම එකවර ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමට සිදු වීමෙන් ලොකු අපහසුතාවකට පත් වූණා. මම ගොඩක් මහන්සි වී ඉංග්‍රීසි භාෂාව හැදෑරුවා. ඒෂියා වීක්, ටයිම්ස්, ගාඩියන්, නිව්යෝර්ක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට් ආදී ජාත්‍යන්තර පුවත්පත් සඟරා මා කියෙව්වා. ඒවා භාවිත කරන විට මට වැරදුණා. මං වැරදි වැරදි නිවැරැදි වුණා. මම මේ පාසලට දුන් උපකරණ භාවිත කරමින් අන්තර්ජාලයේ ඇති විශේෂ වැඩසටහන් නරඹන්න දරුවන්ට අවස්ථාව දෙන්න. එවිට ඔවුන්ගේ භාෂා දැනුම දියුණු කළ හැකියි. අන්න එහෙම තමා මගේ ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි දියුණු කර ගත්තේ. එක වෙලාවක මට චෝදනා කරනවා ඉංග්‍රීසි භාෂාව බෑ කියලා. දැන් මට චෝදනා කරනවා මගේ ඉංග්‍රීසි බර වැඩියි කියලා. ඔහොම දේවල් කියන්නේ මේ අපේ රටේ විතරයි. මේ චෝදනා දෙකෙන්ම තේරෙන්නේ මොකක්ද අපේ නූගත්කම. අලුත් දේවල්වලට තියෙන බිය සැක සංකා. අපි තවමත් සිතන්නේ දූපත් මානසිකත්වයෙන්. නමුත් අප ජාත්‍යන්තරයත් සමඟ තරග කළ හැකි සුහුරු පුරවැසියන් බිහි කළ යුතු කාලය එළැඹ තිබෙනවා.”
වජිර පූජිත ගුණවර්ධන තෙලිජ්ජවිල සමූහ