ගම්පහ, යක්කල පාරේ පිහිටි ‘අපේ නිවහන’ පක්ෂ කාර්යාලයේ පවතින තත්ත්වය වෙනස් කිරීම සහ එහි භුක්තිය වෙනත් තුන්වැනි පාර්ශ්වයකට පැවරීම වළක්වාලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එරෙහිව ගම්පහ අංක 3 දිසා විනිසුරු දුලානි වීරවර්ධන මහතා විසින් වාරණ නියෝගයක් සහ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අදාළ නියෝගය සම්බන්ධයෙන් විත්තිකාර පාර්ශ්වය දැනුවත් කිරීම සඳහා සිතාසි නිකුත් කරන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය.
මහේස්ත්රාත් අධිකරණ නියෝගයකින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙත භුක්තිය පවරා දී ඇති අදාළ දේපළෙහි එම පක්ෂයේ සාමාජිකයන් බලහත්කාරයෙන් හා නීතිවිරෝධී ලෙස රැඳී සිටින බවත්, පක්ෂ කාර්යාලයේ පවතින තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ දරන බවත් සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැමිණිලිකරු වශයෙන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
නීතිඥ චාමර සපුතන්ති, තිළිණි මාපිටිගම සහ තනුර සඳරුවන් යන නීතිඥ මඩුල්ලේ උපදෙස් මත නීතිඥ නුවන් අලවතුරගේ මහතා පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මේ පුවත තව අයට බලන්න







