Home Politics News Room : හරීන් ඇමති ධූරයන්ගෙන් සමු ගනිමින් නිලධාරීන්ගෙන් කළ ඉල්ලීම

News Room : හරීන් ඇමති ධූරයන්ගෙන් සමු ගනිමින් නිලධාරීන්ගෙන් කළ ඉල්ලීම

0
0

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ධූරයන්ගෙන් ඉවත්වන බව සංචාරක අමාත්‍යාංශයේදී අද (09) පැවති මාධ්‍ය හමුවේදී නිල වශයෙන් දැනුම් දුන්නේය.

සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයන්ගේ සියලු නිලධාරීන් එම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වූ අතර ඔවුන් ඉදිරියේ අමාත්‍යවරයා මේ බව දන්වා සිටියේය.

අභියෝග බාරගැනීම තම ජීවිතයේ අලුත් දෙයක් නොවන බවත්, රටට අවශ්‍ය මොහොතේදී අභියෝග බාර ගැනීම තමන් විසින් සිදුකල බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

රටට අවශ්‍යයම මොහොතේ දී තමන් සමඟ සිටිමින් රට වෙනුවෙන් විශේෂ සේවයක් සිදුකොට අමාරු අවස්තාවෙන් රට ගොඩ ගැනීම සඳහා සියලුදෙනා සහය දුන් බවත් ඒ වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම්වරු ප්‍රමුඛ සියළු නිලධාරීන්ට අමාත්‍යවරයා සිය විශේෂ ස්තූතිය පළ කළ අතර තව දුරටත් රට වෙනුවෙන් සිය සේවය ලබාදෙන මෙන් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here