පාකිස්තානයේ උද්ගත වී ඇති වත්මන් ආර්ථික අර්බුදය මැද එරට ඇඟලුම් කර්මාන්තශාලා 30% ක් වසා දැමීමට සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ තත්ත්වය මත ලක්ෂ 7කට අධික පිරිසකට රැකියා අහිමිවීමෙන් පාකිස්තානයේ විරැකියාව තවත් ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගිය වසරේ දත්ත වාර්තා අනුව ලෝක ඇඟලුම් අපනයනයෙන් 9 වැනි ස්ථානයේ පසුවූ පාකිස්තානයේ ඇඟලුම් අපනයනය වර්තමානය වනවිට 15% කින් පහත වැටී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
මිලියන 20ක ජනගහනයක් හිමි පාකිස්තානයේ ඇඟලුම් ක්ෂේත්රයේ ශ්‍රම බළකාය එරට සමස්ත ජනගහනයෙන් 40%ක් වන බවත්, මෑත කාලයේ සිට ඇඟලුම් කර්මාන්තශාලා වැසී යෑම හේතුවෙන් විරැකියාව ජාතික අර්බුදයක් බවට පත්වෙමින් තිබෙන බවත් වැඩිදුරටත් වාර්තා වේ.
ඇඟලුම් ක්ෂේත්රයේ බිඳ වැටීමට බලපා ඇති හේතු අතර බලශක්ති අර්බුදය උත්සන්න වීමෙන් විදුලි බිල ඉහළ දැමීම රජය පියවර ගැනීම ද බලපා ඇති අතර, ලෝක ඇඟලුම් ක්ෂේත්රයේ ආසියාතික තරගකරුවන් වන ඉන්දියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, වියට්නාමය සහ චීනය වැනි රටවලට වැඩි පිරිවැයක් විදුලිය සඳහා වැය කිරීමට පාකිස්තානයේ ඇඟලුම් කර්මාන්තශාලා හිමිකරුවන්ට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
The post පාකිස්තානයේ බලශක්ති අර්බුදයෙන් ඇඟලුම් ආයතන 30%ක් වැසෙයි appeared first on දිනමිණ.