19
බංග්ලාදේශයේ උද්ගත වී ඇති විදුලි අර්බුදය විසඳීමට බංග්ලාදේශයේ අන්තර්වාර රජය ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3ක ණය මුදලක් ඉල්ලා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. බලශක්ති හා විදුලිබල ප්‍රතිසංස්කරණය කටයුතු සඳහා පසුගියදා එරට මුදල් අමාත්‍යාංශය ඩොලර් බිලියනයක ණය මුදලක් ඉල්ලා ආසියානු සංවර්ධන බැංකුවට සහ ලෝක බැංකුවට ලිපි යොමු කර ඇතැයි වාර්තා වේ.
මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක තවත් ණය මුදලක් අපේක්ෂාවෙන් පසුගියදා අන්තර්වාර රජයේ නිලධාරීන් බැංකු නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි ද වාර්තා වේ.