Home World News Room : පාකි­ස්තාන රජය IMF කොන්දේසි උල්ලං­ඝ­නය කරලා

News Room : පාකි­ස්තාන රජය IMF කොන්දේසි උල්ලං­ඝ­නය කරලා

1
0

අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 7ක ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ විස්තී­රණ ණය පහ­සු­කම් යටතේ පන­වනු ලැබූ කොන්දේ­සි­ව­ලට අනුව ව්‍යුහා­ත්මක ප්‍රති­සං­ස්ක­රණ සිදු නොක­රන්නේ නම් එම වැඩ­ස­ට­හ­නෙන් ඉව­ත්වී­මට පාකි­ස්තා­න­යට සිදු­වනු ඇතැයි එරට මුදල් ඇමැති මොහො­මඩ් අවු­ර­න්ග­සාබ් පාර්ලි­මේ­න්තු­වේදී ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගිය ජූලි මස 12 වැනිදා පැවැති කාර්ය මණ්ඩල මට්ටමේ ගිවි­සු­මට අනුව ප්‍රමු­ඛතා කොන්දේසි ඉටු කිරී­මට පාකි­ස්තාන රජය අස­ම­ත්වීම හේතු­වෙන් ලබන 18 වැනිදා පැවැ­ත්වී­මට නිය­මිත ජාත්‍ය­න්තර මුල්‍ය අර­මු­දලේ විධා­යක මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍ර­යට ද මෙතෙක් පාකි­ස්තා­නය ඇතු­ළත් කර නැති බව මුදල් ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර තිබේ.

කාර්ය මණ්ඩල මට්ටමේ ගිවි­සු­මට අනුව සිය­ලුම කොන්දේසි ක්‍රියා­ත්මක කළ යුතු බවත්, එය විධා­යක මණ්ඩ­ලය වෙත ඉදි­රි­පත් කළ යුතු බවත් ප්‍රකාශ කර ඇති මුදල් ඇමැ­ති­ව­රයා ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ විධා­යක මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍ර­යට පාකි­ස්තා­නය ඇතු­ළත් නොකි­රී­මට හේතු වී ඇත්තේ කාර්ය මණ්ඩල ගිවි­සුම් ප්‍රකා­රව පාකි­ස්තාන රජයේ කට­යුතු පිළි­බඳ සෑහී­ම­කට පත් නොවීම නිසා බවත් පාර්ලි­මේ­න්තු­වට ප්‍රකාශ කර තිබේ. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ එකඟ වූ නිය­ම­යන් හා කොන්දේ­සි­ව­ලට යටත් නොවන්නේ නම් පාකි­ස්තා­න­යට තව­දු­ර­ටත් ණය මුදල් ලබා­දී­මට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල අව­ධා­නය යොමු නොක­රනු ඇතැයි ද, එසේ වුව­හොත් එම වැඩ­ස­ට­හ­නෙන් ඉව­ත්වී­මට පාකි­ස්තා­න­යට සිදු­වනු ඇතැයි ද එරට මුදල් ඇමැ­ති­ව­රයා රජ­යට අන­තුරු අඟ­වනු ලැබූ බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here