28
අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් බංග්ලාදේශය නැවත ගොඩ නැඟීමට සහාය වන්නැයි එරට අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මොහොමඩ් යුනුස් අමෙරිකාවෙන් ඉල්ලා ඇතැයි බංග්ලාදේශයේ ‘ඩේලි ස්ටාර්’ පුවත් සේවය වාර්තා කළේය. ඩකා අගනුවර පිහිටි සිය කාර්යාලයේදී අමෙරිකානු නියෝජිත පිරිසක් මුණ ගැසුණු අවස්ථාවේ මහාචාර්යවරයා එම ඉල්ලීම කළ බව ඔහුගේ කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන බවත් ‘ඩේලි ස්ටාර්’ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
සිය රජය මුහුණ පා සිටි ආර්ථික අභියෝගය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකවරයා අමෙරිකානු නියෝජිතයන්ට ප්‍රකාශ කර ඇත්තේ එරට මූල්‍ය අංශය සහ නීති අංශය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට සිදුවී ඇති බවය.
ශෙයික් හසීනාගේ අවාමි ලීග් රජය බිඳ දැමීමෙන් පසු එරට ශිෂ්‍ය ව්‍යාපාරය අන්තර්වාර රජය පිහිටුවීමට පියවර ගනු ලැබුවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉලක්ක කරමින් බවත්, බලයට පත්වී සති කිහිපයක් ඇතුළත කොමිෂන් 6ක් ස්ථාපිත කර ඇති බවත් එහිදී අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකවරයා අමෙරිකානු නියෝජිත කණ්ඩායමට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.