35
බංග්ලාදේශයේ පසුගිය මාසයේ සිදුවූ ශිෂ්‍ය විරෝධතාව සහ ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර පොලිස් නිලධාරීන් 44 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව එරට පොලිස් මූලස්ථාන නිවේදනයකින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ශිෂ්‍ය විරෝධතාව මැඬපැවැත්වීමට කඳුළු ගෑස්, රබර් උණ්ඩ සහ ජල ප්‍රහාර එල්ල කිරීමෙන් කුපිත වූ සරසවි සිසුන්ගේ ප්‍රහාරයට ලක්වීමෙන් ඉහළ පොලිස් නිලධාරීන් ද ජීවිතක්ෂයට පත්වූ බව වැඩිදුරටත් වාර්තා වේ. පසුගිය ජූලි මාසයේ 20 වැනිදා සිට අගෝස්තු මස 14 වැනිදා දක්වා කාලය තුළ එම ඝාතන සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඒ අතරින් පොලිස් නිලධාරීන් 25 දෙනකුම ඝාතනයට ලක් වී ඇත්තේ අගමැතිනිය ෂෙයික් හසීනා රටින් පිටවූ දිනයේදී බවත් වාර්තා වේ.
පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමට අමතරව ප්‍රචණ්ඩකාරීන් විසින් එරට පොලිස් ස්ථාන 400කට අධික ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර ඇතැයි ද වාර්තා වේ.