20
පාකිස්තානයේ උද්ගත වී ඇති දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් එරට විවිධ වෘත්තිකවේදීන් ඇතුළුව මිලියන 13.53කට වැඩි පුද්ගලයන් පිරිසක් රට හැර ගොස් ඇතැයි පාකිස්තාන ආර්ථික සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වසරේ අප්‍රේල් මාසය වනවිට එක්රැස් කරනු ලැබූ දත්ත සංඛ්‍යා ලේඛන ඇසුරින් එම වාර්තාව සකස්කර ඇති අතර, එම පිරිස විදෙස් රටවල් 50කට වැඩි සංඛ්‍යාව මේ වනවිට විවිධ රැකියාවල නිරතව සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඒ අනුව බුද්ධිගලනය අතින් ඉහළම විගමන අනුපාතයක් පෙන්නුම් කරන දකුණු ආසියාවේ දෙවැනි විශාලතම රට බවට පාකිස්තානය පත්වී ඇතැයි ද, උගත් සහ දක්ෂ පුද්ගලයන් විදේශගතවීම පාකිස්තානයට ඉදිරියේදී එරට විවිධ ක්ෂේත්රයන් හී සංවර්ධන කටයුතුවලදී දැඩි බලපෑමක් එල්ල වන කරුණක් වනු ඇතැයි ද වාර්තා වේ.
එම සමීක්ෂණ වාර්තාවට අනුව වසර 2022දී පමණක් උපාධිධාරින් 92,000ක් සහ පුහුණු ශ්‍රමිකයන් 3,50,000ක් රට හැර ගොස් ඇති අතර, වෛද්‍යවරුන් 2,500ක්, ගණකාධිකාරීවරුන් 6,500ක් සහ ඉංජිනේරුවන් 5,534 ඊට ඇතුළත් බව ද වාර්තා වේ.