අන්තර්වාර රජය බලයට පත්වී මාසයකට අධික කාලයක් ගතවූවද, මෙතෙක් මහමැතිවරණ පිළිබඳ කිසිදු ප්‍රකාශයක් නිකුත් කිරීමට අසමත්වීම අභියෝගයට ලක් කරමින් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ඩකා අගනුවර දැවැන්ත විරෝධතාවක නිරත වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.
වහාම ක්‍රියාත්මක වන පරිදි මහමැතිවරණයක් කැඳවා රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස කලීඩා සියාගේ නායකත්වයෙන් යුතු එම පක්ෂය අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මොහොමඩ් යූනුස්ට බල කර සිටි බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඩකා අගනුවර පිහිටි බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂ මූලස්ථානය ඉදිරිපිට රැස්වූ දහස් සංඛ්‍යාත පාක්ෂිකයන් එම විරෝධතාවේ නිරතව ඇති අතර, රටේ ආර්ථිකය මෙතෙක් ස්ථාවර කිරීමට අසමත්වීම පිළිබඳ අන්තර්වාර රජයට චෝදනා කර ඇතැයි ද වාර්තා වේ.
The post මැතිවරණයක් ඉල්ලා බංග්ලාදේශයේ විපක්ෂය වීදි බසී appeared first on දිනමිණ.