23
වැඩි වැටුප්, ප්‍රසාද දීමනා සහ පැමිණීමේ දීමනා ඉහළ දමන ලෙස පාලනාධිකාරියට බල කරමින් සේවක සේවිකාවන් විසින් සිදු කරනු ලැබූ වැඩ වර්ජනය හා විරෝධතාව හේතුවෙන් වසා දමනු ලැබූ ඇඟලුම් කර්මාන්තශාලා අතුරින් 27ක් මෙතෙක් නැවත විවෘත කර නැති බව එරට මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සතියේදී සේවක විරෝධතා උත්සන්න වීම හේතුවෙන් වසා දමනු ලැබූ ඇඟලුම් ආයතන 200කට ආසන්න සංඛ්‍යාවක් නැවත විවෘත කර ඇතැයි ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මේ වනවිටත් වසා දමා ඇති එම ඇඟලුම් ආයතන අතුරින් 16ක්ම වසා ඇත්තේ දින නියමකින් තොරව බවත්, බංග්ලාදේශ කම්කරු පනතට අනුව වැටුප් රහිත කාලසීමාවකට වසා දමා ඇති බැවින් එහි සේවක සේවිකාවන් කෝපයට පත්ව සිටින බවත් වාර්තා වේ.
සිය ඉල්ලීම් ඉටු නොකිරීමත්, වසා දැමූ කාලසීමාවේදී කම්කරු පනතට අනුව වැටුප් නොලැබීමත් හේතුවෙන් එම ඇඟලුම් ආයතනවල හිමිකරුවන්ට සේවක සේවිකාවන්ගේ තර්ජනයට ලක්වීමට සිදුවී ඇති අතර, සිය ආරක්ෂාව සහ ඇඟලුම් ආයතනවල ආරක්ෂාව සඳහා එහි හිමිකරුවන් පොලිසියේ සහාය ඉල්ලා ඇතැයි ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පසුගියදා ඇඟලුම් ආයතන ඇතුළු කර්මාන්තශාලා 219ක් වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබු අතර, ඉන් 86ක්ම දින නියමයකින් තොරව වසා දැමීමට පියවර ගෙන තිබිණි. විරෝධතා වැළැක්වීම සඳහා තවත් කර්මාන්තශාලා 133ක සේවක සේවිකාවන්ට නිවාඩු ලබාදීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබූ බව ද වාර්තා විය.