Home World News Room : විශ්වවිද්‍යාලවල චීන බලපෑම් සීමා කිරීමට අමෙරිකාවෙන් නව පනතක්

News Room : විශ්වවිද්‍යාලවල චීන බලපෑම් සීමා කිරීමට අමෙරිකාවෙන් නව පනතක්

2
0

අමෙරිකාවේ විශ්වවිද්‍යාලවල චීන බලපෑම් සීමා කිරීමට විශේෂ පනතක් එරට පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකානු පාර්ලිමේන්තු නියෝජිතයකු වන ප්‍රතිත්‍රස්තවාදය, නීතිය බලාත්මක කිරීම සහ බුද්ධි අංශ පිළිබඳ අනු කමිටුවේ සභාපති ඕගස්ට් ප්ෆ්ලූගර් විසින් අදාළ පනත ඉදිරිපත් කර තිබු බව අමෙරිකානු අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අමෙරිකාවේ විශ්විද්‍යාල පද්ධතියට සම්බන්ධ වී ඔත්තු බැලීමේ යෙදීම, බුද්ධිමය දේපළ සොරකම් කිරීම, වීන විරුද්ධවාදින් බියගැන්වීම, කොමියුනිස්ට් ප්‍රචාරණය ප්‍රවර්ධනය කිරීම සහ සංවේදී තොරතුරු චීන රජයට ලබාදීම වැළැක්වීමට එම පනත භාවිතයට ගනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එමෙන්ම එය විශ්විද්‍යාල හා එහි සිසුන් ආරක්ෂා කිරීමට සහ අමෙරිකානු ඩොලරය විදේශීය බලපෑමට ලක්වීමෙන් වැළැක්වීමට අදාළ පනත ඉවහල් වනු ඇතැයි වාර්තා වේ. චීන රජයට සම්බන්ධ ඕනෑම විශ්වවිද්‍යාලයකට අරමුදල් සැපයීම සීමා කිරීමට ද එම පනත මගින් නීතිමය අවසර ලැබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here