26
පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ පිහිටි බජාවුර් දිස්ත්‍රික්කයේ පෝලියෝ එන්නත්කරණ වැඩසටහනට එක්වී සිටි කණ්ඩායමකට එල්ල වූ ප්‍රහාරයකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ සෞඛ්‍ය සේවකයකු සහ පොලිස් නිලධාරියකු බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පෝලියෝ එන්නත්කරණයේ නිරතව සිටි එම කණ්ඩායම බජාවුර් දිස්ත්‍රික්කයේ නිවාසවලට යමින් සිටියදී නාඳුනන පිරිසක් විසින් එම ප්‍රහාරය එල්ල කරනු ලැබූ බව දිස්ත්‍රික් පොලිසිය ප්‍රකාශ කර තිබේ. ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ පෝලියෝ එන්නත්කරණ වැඩසටහනට එක්වී සිටින සෞඛ්‍ය කණ්ඩායම්වලට ආරක්ෂාව සැපයීමට පොලිස් නිලධාරීන් යොදවා තිබුණ ද, එම ප්‍රහාර වැළැක්වීමට සමත් වී නැති අතර, මේ වසරේදී එවැනි ප්‍රහාර රැසක් සිදුවී ඇතැයි ද වාර්තා වේ.