31
තිරසර මෙහෙයුම් සහ විදත් වාහන වෙත සංක්‍රමණය වීම වේගවත් කිරීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ උපායමාර්ගික පරිවර්තනයකට යොමු වීමේ අරමුණින් ලොව විශාලතම මෝටර් රථ සමාගමක් වන ජපානයේ හොන්ඩා සමාගම චීනයේ පිහිටි නිෂ්පාදන සමාගම් තුනක් වසා දැමීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සමාගම් ත්‍රිත්වයේ සේවකයන් දෙදහසකට අධික පිරිසකට වන්දි මුදල් පැකේජ පිරිනැමීමට ද හොන්ඩා සමාගම කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එම රැකියා කප්පාදුව පිළිබඳ හොන්ඩා සමාගම කිසිදු ප්‍රකාශයක් කිරීමෙන් වැළකී සිටින බවත්, වසා දැමූ සමාගම් ත්‍රිත්වයේ හිමිකාරීත්වය දරන චීන සමාගම ද කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. විදත් මෝටර් රථ නිෂ්පාදනය ඉහළ යෑමෙන් ජපානය, අමෙරිකාව සහ ජර්මනිය ඇතුළු රටවල් රැසක විදේශීය මෝටර් රථ නිෂ්පාදකයන්ගේ අලෙවියට දැඩි බාධා එල්ල වී ඇති අතර, මේ වසරේ මුල් භාගයේදී චීනයේ හොන්ඩා මෝටර් රථ අලෙවිය 21.48% කින් පහත වැටී ඇතැයි ද වාර්තා වේ.