44
එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර සිට ඉතාලියේ මිලාන් නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට වැරදීමකින් ගොඩවූ මගියකු හේතුවෙන් එම ගුවන් ගමන පැය කිහිපයක් ප්‍රමාද කිරීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊසිජෙට් ගුවන් සේවයට අයත් එම ගුවන් යානයට වැරදීමකින් ගොඩ වූ මගියා අත්අඩංගුවට ගෙන ඇතැයි ද, අනතුරුව එහි සිටි සියලු මගීන් නැවත බස්වා ගුවන් යානය පූර්ණ පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව ඔවුන්ට යානයට ගොඩ වීමට අවසර දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
අත්අඩංගුවට පත්වූ මගියා ගොඩ විය යුතුව තිබුණේ ඊසිජෙට් ගුවන් සේවයටම අයත් වෙනත් ගුවන් යානයකට බවත්, ඔහු වැරදීමකින් එම යානයට ගොඩ වී ඇති බවත් තහවුරු වී ඇතැයි ද වාර්තා වේ.