10
සෝන්ඩර්ස් ප්රවීණයන්ගේ පාපන්දු සමාජය සංවිධාන කරන පාපන්දු ක්රීඩාවට දැඩි ලෙස ඇලුම් කළ කොළඹ කරුණාරත්න ලියනගේ (පාල) අනුස්මරණ කුසලාන අවුරුදු 40න් ඉහළ පාපන්දු තරගාවලිය මැයි මස 17 හා 18 ගුණසිංහපුර ප්‍රයිස් පාක් පිටියේදී පැවැත්වේ.
ප්රවීණයන්ගේ පාපන්දු තරගාවලි ඉතිහාසයේ වැඩිම තෑගි පිරිනැමෙන මේ තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ 10ක්, අනුශූරතාවට රුපියල් ලක්ෂ 5ක් හා තෙවැනි ස්ථානයට රුපියල් ලක්ෂයක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.
එමෙන්ම හොඳම ගෝල් කීපර්ට හා දක්ෂතම පාපන්දු ක්රීඩකයාට රුපියල් 25000 බැගින්, අවසන් තරගයේ වීරයාට රුපියල් 15000ක් පිරිනැමේ. තරගාවලිය සඳහා කණ්ඩායම් ලියාපදිංචිය ආරම්භ කර ඇති හෙයින් 0772963039 – දිල්ෂාන් අමතන ලෙස ඉල්ලා සිටියි.