Home Sport News Room : ඉන්දි­යා­වට පරා­ජය වූ ස්මිත් සිත්තැ­වු­ලෙන් සමු­ගනී

News Room : ඉන්දි­යා­වට පරා­ජය වූ ස්මිත් සිත්තැ­වු­ලෙන් සමු­ගනී

0
0

චැම්පි­යන්ස් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් පූර්ව වට­යේදී ඉන්දි­යාව හමුවේ පරා­ජය වූ ඔස්ට්‍රේ­ලි­යානු නායක ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටි­යෙන් සමු­ගන්නා බව නිවේ­ද­නය කරයි. ඔහු තම අව­සන් එක්දින තර­ග­යේදී ඉන්දි­යා­වට එරෙ­හිව ලකුණු 73ක් ලබා අර්ධ ශත­ක­යක් ද රැස් කළේය. කෙසේ වෙතත්, ඔහුට කණ්ඩා­යම අව­සන් මහා තර­ගය දක්වා ගෙන යාමට නොහැ­කි­වීම සිත් තැවු­ලට හේතු විය. කෙසේ වෙතත්, ඔහු ටෙස්ට් සහ විස්සයි20 තරග සඳහා දිග­ටම ක්‍රීඩා කරන බව දැනුම්දී තිබේ.

ඉන්දි­යා­වට එරෙහි තර­ගය ඔහුගේ එක්දින තරග දිවියේ 170 වැනි තර­ගය වූ අතර, එම ගමන් මඟේදී ශතක 12ක් සහ අර්ධ ශතක 35ක් රැස් කළේය. 35 හැවි­රිදි ඔහු එළැ­ඹෙන 2027 එක්දින ලෝක කුස­ලා­න­යේදී දක්නට නොමැති අතර, නවක ක්‍රීඩ­ක­යන්ට අව­ස්ථා­වක් ලබා­ දිය යුතු බව පවසා ඇත.

“දැන් 2027 ලෝක කුස­ලා­න­යට සූදා­න­ම්වී­මට කාල­යයි. මේක තමයි අයින් වෙන්න නියම වෙලාව. ඔස්ට්‍රේ­ලි­යාව වෙනු­වෙන් ක්‍රීඩා කළ කාලයේ අපූරු මත­ක­යන් තියෙ­නවා. ලෝක කුස­ලාන දෙකක් ජය­ග්‍ර­හ­ණය කළ කණ්ඩා­යමේ සාමා­ජි­ක­යෙක් වීම මට විශේ­ෂයි” ස්ටීව් ස්මිත් පැව­සීය.

 

ප්රින්ස් ගුණ­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here