Home Sport News Room : රොන්ගේ ශත­ක­යෙන් බ්ලූම්ෆීල්ඩ්ට සාර්ථක ආර­ම්භ­යක්

News Room : රොන්ගේ ශත­ක­යෙන් බ්ලූම්ෆීල්ඩ්ට සාර්ථක ආර­ම්භ­යක්

0
0

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ එන්සීසී පිලට එරෙ­හිව පැවැ­ත්වෙන අව­සන් මහ තර­ග­යේදී පළමු ඉනිම වෙනු­වෙන් සාර්ථක ආර­ම්භ­යක් ගැනී­මට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩ­කයෝ ඊයේ සමත් වූහ.

සිවු­දින තර­ග­යක් ලෙස කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී ඊයේ ආරම්භ වූ තර­ගය පළමු දින­යට නතර කරන විට කාසියේ වාසියේ දිනා පළ­මුව පන්දු­වට පහර දෙන බ්ලූම්ෆීල්ඩ් පිල ලකුණු 260ක් රැස් කර තිබුණේ කඩු­ල්ලක් පම­ණක් අහිමි කර ගනි­මිනි.

දිනය නිමා වන විට අගනා ඉනි­මක් ක්‍රීඩා කරන ආර­ම්භක පිති­කරු රොන් චන්ද්‍ර­ගුප්ත නොදැවී ලකුණු 140ක් සහ අසිත වන්නි­නා­යක නොදැවී ලකුණු 62ක් රැස් කර තිබිණි. දෙදෙනා අතර දෙවැනි කඩු­ල්ලට ගොඩ­නැ­ඟුණු නොබි­ඳුණු සබ­ඳ­තාව ලකුණු 141කි.

පන්දු 279කින් ගොඩ­නැ­ඟුණු රොන්ගේ ඉනිම හතරේ පහර 14කින් වර්ණ­වත් වූ අතර, අසිත පන්දු 148කදී හතරේ පහර 8ක් එල්ල කර තිබිණි.

හසිත බෝය­ගොඩ ඊයේ දැවී ගිය එකම පිති­කරු බවට පත්වූ අතර, ඔහු හතරේ පහර 7ක් සහ හයේ පහ­රක් සමඟ පන්දු 115කින් ලකුණු 52ක් රැස් කර තිබිණි. හසිත සහ රොන් අතර පළමු කඩු­ල්ලට ගොඩ­නැඟූ සබ­ඳ­තාව ලකුණු 119කි. ළහිරු කුමාර එම කඩුල්ල දවා ගැනී­මට සමත් විය.

මේ තර­ගා­ව­ලියේ පළමුවරට එන්සීසී පිල වෙනු­වෙන් ජාතික කණ්ඩා­යමේ ආර­ම්භක පිති­කරු පැතුම් නිස්සංක ද එක්ව සිටියි.

අද තර­ගයේ දෙවැනි දින­යයි.

 

නිරෝ­ෂාන් ප්රියං­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here