Home Sport News Room : HUNDRED ශ්‍රී ලංකා තර­ග­මා­ලා­වේදී බුව­නෙ­කට රිදී පද­ක්ක­මක්

News Room : HUNDRED ශ්‍රී ලංකා තර­ග­මා­ලා­වේදී බුව­නෙ­කට රිදී පද­ක්ක­මක්

0
0

රට­වල් 16ක ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් 260 දෙනකු සහ­භාගි වූ HUNDRED ශ්‍රී ලංකා ජාත්‍ය­න්තර තර­ග­මා­ලාවේ ශ්‍රී ලංකා­වට හිමි වූ එකම පද­ක්ක­මට හිමි­කම් කිය­මින් පිරිමි ඒකල අව­සන් මහා තර­ගයේ රිදී පද­ක්කම දිනා ගැනී­මට බුව­නෙක ගුණ­ති­ලක සමත් විය.

කොළඹ සාන්ත ජෝසප් ගෘහස්ථ ක්‍රීඩා සංකී­ර්ණයේ පසු­ගි­යදා පැවති එම තර­ගා­ව­ලියේ පිරිමි ඒකල අව­සන් මහා තර­ග­යට එක්වූ බුව­නෙක ලකුණු 21-18ක් සහ 21-13ක් ලෙස පරා­ජ­යට පත් කළ ඉන්දු­නී­සි­යාවේ ජෙලන්ඩ් ෆජාර් තර­ගා­ව­ලියේ ශූරයා බවට පත්විය.

ලෝක බැඩ්මි­න්ටන් සම්මේ­ල­නයේ සහ ආසි­යානු බැඩ්මි­න්ටන් සංග­මයේ අනු­මැ­තිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මි­න්ටන් ආය­ත­නය විසින් මෙහෙ­ය­වනු ලැබූ ‘HUNDRED ශ්‍රී ලංකා’ ජාත්‍ය­න්තර තර­ග­මා­ලාවේ කාන්තා ඒකල අව­සන් මහා තර­ග­යට තායි­ල­න්ත­යේම ක්‍රීඩි­කා­වන් දෙදෙ­නකු එක්වීම කැපී පෙනිණි. එහිදී ලකුණු 13-21ක්, 21-14ක් සහ 21-14ක් ලෙස ලලි­න්රාට් චායි­වන් පරා­ජය කළ තිඩ­ප්‍රොන් ක්ලීබ්යි­සූන් තර­ගා­ව­ලියේ ශූරිය බවට පත්වූ­වාය.

තරග ඉසව් 5කින් සම­න්වි­තව පැවති තර­ගා­ව­ලියේ පිරිමි යුගල ශූර­තාව දිනා ගැනී­මට මැලේ­සි­යාවේ බ්‍රයන් ගුන්ටින් සහ මොහො­මඩ් ෆස්රික් සමත්වූ අතර, කාන්තා යුගල ශූර­තාව සහ මිශ්‍ර යුගල ශූර­තාව ජපා­න­යට හිමි­විය. හිනා ඔසාවා සහ කාරි සාටෝ කාන්තා මිශ්‍ර යුගල ශූර­තාව දිනා ගත් අතර, යූටා වට­නාබේ සහ මායා ටගූචි මිශ්‍ර යුගල ශුර­තා­වට හිමි­කම් කීහ.

ෆවුස් මොහො­මඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here