Home Sport News Room : ඉන්දි­යාව තෙවැනි වර­ටත් චැම්පි­යන්ස් කුස­ලා­නය දිනා ගනී

News Room : ඉන්දි­යාව තෙවැනි වර­ටත් චැම්පි­යන්ස් කුස­ලා­නය දිනා ගනී

0
0

අයි­සීසී චැම්පි­යන්ස් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට ඉන්දි­යාව ඊයේ (9) සමත් විය.

මේ සමඟ වැඩිම වාර ගණ­නක් චැම්පි­යන්ස් කුස­ලා­නය දිනා­ගත් කණ්ඩා­ය­ම බවට පත්වූ ඉන්දි­යාව හමුවේ ඊයේ ඩුබා­යි­හිදී පැවති අව­සන් තර­ග­යේදී නව­සී­ල­න්තය කඩුලු 4කින් පරා­ජය විය.

ඉන්දි­යාව චැම්පි­යන්ස් කුස­ලා­නය දිනා­ගත් තෙවැනි අව­ස්ථාව මෙය වන අතර, මින් පෙර 2013දී සහ 2002දී (ශ්‍රී ලංකා සමඟ සම ශූර­තාව) දිනා ගෙන තිබිණි. නව­සී­ල­න්තය අනු­ශූ­ර­යන් බවට පත්වූ දෙවැනි අව­ස්ථාව මෙය වන අතර, 2009දී ඔස්ට්‍රේ­ලි­යාව හමුවේ ද ඔවුන් අනු­ශූ­ර­යන් වී තිබේ.

ඊයේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දෙමින් නව­සී­ල­න්තය දුන් ලකුණු 252ක ඉල­ක්කය හඹා­ගිය ඉන්දි­යාව පන්දු 6ක් ඉති­රිව තිබි­යදී ජය­ග්‍රාහී ඉල­ක්කය පසු කළේ 6ක් දැවී තිබි­ය­දීය.

පන්දු 83කින් ලකුණු 76ක් රැස් කර­මින් ඉන්දීය ඉනි­මට සාර්ථක ආර­ම්භ­යක් දුන් නායක රෝහිත් ශර්මා පළමු කඩු­ල්ලට ශුබ්මන් ගිල් සමඟ එක්ව ලකුණු 105ක සබ­ඳ­තා­වක් ගොඩ­නැ­ඟු­වේය. ගිල් ලකුණු 31කට දැවී ගිය අතර, සුපිරි පිති­කරු විරාට් කෝලිට ඊයේ රැස් කළ හැකි වූයේ එක් ලකු­ණක් පමණි. ශ්‍රේයාස් අයි­යර් ලකුණු 48ක්, ලෝකේෂ් රාහුල් නොදැවී 34ක් රැස් කර­මින් ඉන්දීය ජය­ග්‍ර­හ­ණ­යට දාය­ක­වූහ. පන්දු යැවී­මේදී මිචෙල් සැන්ට්නර් සහ මයි­කල් බ්‍රේස්වෙල් කඩුලු 2 බැගින් දවා ගත්හ.

තර­ගයේ කාසියේ වාසිය දිනා පළ­මුව පන්දු­වට පහ­ර­දී­මට පිටි­යට පිවිසි නව­සී­ලන්ත ඉනි­මට සාර්ථක ආර­ම්භ­යක් දීමට විල් යංග්ට (15) සහ රචින් රවි­න්ද්‍රට (37) අව­ස්ථා­වක් නොලැ­බුණු අතර, ලකුණු 69ක් වෙද්දී ඔවුහු දෙදෙ­නාම යළි ක්‍රීඩා­ගා­රයේ අසුන් ගත්හ. එහෙත් අංක 4 පිති­කරු ලෙස පිටි­යට පිවිසි ඩැරිල් මිචෙල් මන්ද­ගාමී අර්ධ ශත­ක­යක් රැස් කර­මින් මුළු ලකුණු සංඛ්‍යාව 211 දක්වා ඉදි­රි­යට ගෙන ගියේය. ඔහු පන්දු 101කින් ලකුණු 63ක් ලබා සිටි­යදී 6 වැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර, ඉන් පෙර ග්ලේන් පිලිප්ස් (34) සමඟ ලකුණු 57ක් සහ මයි­කල් බ්‍රේස්වෙල් සමඟ ලකුණු 46ක් එක් කිරී­මට සමත් විය.

නොදැ­වුණු ඉනි­මක් ක්‍රීඩා කළ බ්‍රේස්වෙල් පන්දු 40කින් ලකුණු 53ක් රැස් කළේ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සම­ඟිනි.

පන්දු යැවී­මේදි කුල්දීප් යාදව් සහ වරුන් චක්‍ර­වර්ති කඩුලු 2 බැඟින් දවා­ගත්හ.

නව­සී­ල­න්තය – 251/7 (ඕවර 50) ඩැරිල් මිචෙල් 63, මයි­කල් බ්‍රේස්වෙල් නොදැවී 53, රචින් රවින්ද්‍ර 37, ග්ලේන් පිලිප්ස් 34 (කුල්දීප් යාදව් 40/2, වරුන් චක්‍ර­වර්ති 45/2)

ඉන්දි­යාව – 254/6 (ඕවර 49) රෝහිත් ශර්මා 76, ශ්‍රේයාස් අයි­යර් 48, ලෝකේෂ් රාහුල් නොදැවී 34, ශුබ්මන් ගිල් 31 (මයි­කල් බ්‍රේස්වෙල් 28/2, මිචෙල් සැන්ට්නර් 46/2)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here