Home Sport News Room : තර­ග­යක් ඉති­රිව තිබි­ය­දීම මහ­නු­වර ක්‍රීඩ­කයෝ 24 වැනි වර­ටත් ලීග්...

News Room : තර­ග­යක් ඉති­රිව තිබි­ය­දීම මහ­නු­වර ක්‍රීඩ­කයෝ 24 වැනි වර­ටත් ලීග් රග්බි ශූර­තාව දිනති

0
0

ප්‍රබල සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමා­ජය ලකුණු 39-20කින් පරා­ජය කළ මහ­නු­වර ක්‍රීඩා සමා­ජය තර­ග­යක් ඉති­රිව තිබි­ය­දීම අන්තර් සමාජ ලීග් රග්බි ශූර­තාව දිනා ගැනී­මට සමත් විය.

දශක දෙක­කට වැඩි කාල­යක් මෙරට රග්බි පිටියේ ආධි­පත්‍ය පතු­රු­වා­ල­මින් සිටින මහ­නු­වර ක්‍රීඩා සමා­ජය මෙවර අත්කර ගනු ලැබුවේ සිය 24 වැනි ලීග් ශූර­තාව වන අතර, පෙරේදා නිත්ත­වෙල ක්‍රීඩාං­ග­ණ­යේදී සීආර් පිලට එරෙ­හිව පැවති කුස­ලාන වටයේ තර­ගය ජය ගැනී­මත් සමඟ අප­රා­ජි­තව ශූර­තා­වට හිමි­කම් කීවේ පසු­ගිය වසරේ සීආර් පිල හමුවේ ශූර­තාව ගිලිහී යෑමේ වාඩුව ද පිරි­මසා ගනි­මිනි.

පෙරේදා තර­ගයේ පළමු භාගය අව­සන් වන­විට ලකුණු 22-13කින් පෙර­මුණ ගත් මහ­නු­වර ක්‍රීඩ­කයෝ තර­ගය පුරා ගෝල් 4ක්, උත්සා­හක දිනු­මක් සහ දඬු­වම් පහර 2ක් වාර්තා කළ අතර, සීආර් පිලේ ලකුණු සංඛ්‍යා­වට එක්වූයේ ගෝල් 2ක් සහ දඬු­වම් පහර 2ක් පමණි. මේ ජය­ග්‍ර­හ­ණ­යත් සමඟ මහ­නු­වර පිල කුස­ලාන වටයේ තව­දු­ර­ටත් අප­රා­ජි­තව පෙර­මුණේ පසු­වන අතර, කුස­ලාන වටය අව­සන් කර­මින් ලබන සති අන්තයේ හැව්ලොක් ක්‍රීඩා සමා­ජය සමඟ තරග වැදී­මට නිය­මි­තය.

මේ අතර කුස­ලාන වට­යේම ගුවන් හමුදා ක්‍රීඩා සමා­ජ­යට එරෙ­හිව හැව්ලොක් පිටියේ පැවති තර­ගය ලකුණු 40-22කින් ජය­ගත් හැව්ලොක් ක්‍රීඩා සමා­ජය ප්‍රසාද ලකුණු සට­හනේ දෙවැනි තැන අත්කර ගත්තේය තර­ගයේ පළමු භාගය අව­සන් වන විට ලකුණු 19-17ක සියුම් පර­ත­ර­ය­කින් ඉදි­රි­යෙන් සිටි හැව්ලොක් පිල තර­ගය පුරා ගෝල් 5ක් සහ උත්සා­හක දිනු­මක් ලබා ගැනී­මට සමත් වූ අතර, ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යා­වට එක්වූයේ ගෝල­යක් සහ උත්සා­හක දිනුම් 3ක් පමණි.

පළඟ ශුරතා තරග වටයේ පොලිස් ක්‍රීඩා සමා­ජය සහ නාවික හමුදා ක්‍රීඩා සමා­ජය අතර එදි­නම පස්ව­රුවේ පොලිස් පිටියේ පැවැති තර­ග­යෙන් ලකුණු 67-19ක දැවැන්ත ජයක් වාර්තා කිරී­මට පොලිස් පිල සමත් විය. නාවික හමුදා පිල දැඩි පීඩ­න­ය­කට ඇද දැමූ පොලිස් ක්‍රීඩ­කයෝ උත්සා­හක දිනුම් 11ක් තැබී­මට සමත් වූහ. ඉන් උත්සා­හක දිනුම් 6ක්ම ගෝල බවට පත් විය. නාවික හමුදා පිලේ ලකුණු සංඛ්‍යා­වට ගෝල් 2ක් සහ උත්සා­හක දිනු­මක් ඇතු­ළත් විය. තර­ගයේ පළමු භාගය නිමා වන­විට පොලිස් පිල ලකුණු 33-12කින් පෙර­මුණ ගත්තේය.

මෙවර සති අන්තයේ තරග ආරම්භ කර­මින් පසු­ගි­යදා සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමා­ජය සහ යුද හමුදා ක්‍රීඩා සමා­ජය අතර පළඟ ශූරතා වටයේ තර­ග­යේදී ලකුණු 33-7කින් යුද හමුදා පිල පරා­ජය කිරී­මට සීඑච් පිල සමත් විය. පනා­ගොඩ පැවැති මේ තර­ගයේ පළමු භාගය අව­සන් වන විට ලකුණු 26-7කින් පෙර­මුණ ගත් සීඑච් පිල තර­ගය පුරා ගෝල් 4ක් සහ උත්සා­හක දිනු­මක් වාර්තා කළ අතර, යුද හමුදා පිලට රැස් කිරී­මට හැකි වුයේ ගෝල­යක් පමණි.

ෆවුස් මොහො­මඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here