Home Sport News Room : ඉන්දි­යාවේ ‘බී’ කණ්ඩා­ය­මට පාකි­ස්තා­නය පරා­ජය කළ හැකියි – ගව­ස්කාර්

News Room : ඉන්දි­යාවේ ‘බී’ කණ්ඩා­ය­මට පාකි­ස්තා­නය පරා­ජය කළ හැකියි – ගව­ස්කාර්

0
0

වත්මන් පාකි­ස්තාන කණ්ඩා­යම ඉන්දි­යාවේ ‘බී’ කණ්ඩා­යම යොදවා පරා­ජය කළ හැකි යැයි හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩ­ක­යකු සහ විචා­ර­ක­යකු වන සුනිල් ගව­ස්කාර් මහතා පැව­සී­මත් සමඟ පාකි­ස්තා­නය පැත්තෙන් දැවැන්ත වාග් ප්‍රහාර එල්ල­වී­මට පට­න්ගෙන තිබේ.

හිටපු පාකි­ස්තාන ප්‍රබල පිති­ක­රු­වකු හා නාය­ක­යකු වූ ඉන්ස­මාම් උල් හක් පව­සන්නේ කෙනෙ­කුගේ රට ගැන කතා කරන විට, අව­බෝ­ධ­යෙන් කතා කළ යුතු බවත්, වචන භාවි­තා­වේදී ප්‍රවේ­ශම් වන ලෙස අව­වාද කරන බවත්ය.

“ඉන්දීය කණ්ඩා­යම හොඳින් ක්‍රීඩා කළා. ඔබේ කණ්ඩා­ය­මට ප්‍රශංසා කිරී­මට ඔබට අයි­ති­යක් තියෙ­නවා. නමුත් අනෙක් පාර්ශ්වය ගැන එවැනි අද­හ­සක් දැක්වීම සුදු­සුද? ඔබ වචන තේරී­මේදී ප්‍රවේ­ශම් වන්න. මම මේ දේවල් ටිකක් තදින් කිය­නවා.” ගව­ස්කාර්ට අව­වාද කර ඔහුගේ කෝපය පාල­නය කර ගන්නා ලෙස ඉල්ලා සිටි­යේය.

කණ්ඩා­යම් දෙකෙ­හිම අතීත සංඛ්‍යා­ලේ­ඛන දෙස බලන ලෙස ද ඉන්ස­මාම් ගව­ස්කා­ර්ගෙන් ඉල්ලා සිටි­යේය. එම සංඛ්‍යා ලේඛ­න­ව­ලින් පාකි­ස්තා­නය ඉදි­රි­යෙන් සිටී. කණ්ඩා­යම් දෙක 136 වතා­වක් එකි­නෙ­කාට මුහු­ණදී ඇති අතර, ඉන්දි­යාව ජය­ග්‍ර­හණ 58ක් ලබා ඇති විට, පාකි­ස්තා­නය තරග 73ක් ජය­ග්‍ර­හ­ණය කර ඇත. ඉන්ස­මාම් ගව­ස්කාර්ට ඒ බව මතක් කළේය.

චැම්පි­යන්ස් කුස­ලාන තර­ගා­ව­ලි­යේදී ඉන්දි­යාව විසින් පාකි­ස්තා­නය පරා­ජය කළ අතර, තර­ග­යෙන් පසු ස්පෝර්ට්ස් ටුඩේ වෙත අද­හස් දක්ව­මින් ගව­ස්කාර් පැව­සුවේ පාකි­ස්තා­නයේ වත්මන් කණ්ඩා­යමේ ශක්තිය සම­ඟින්, ඉන්දි­යාවේ ‘බී’ කණ්ඩා­යම පරා­ජය කිරීම පවා ඔවුන්ට අප­හසු වනු ඇති බවයි.

 

ප්රින්ස් ගුණ­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here