Home Sport News Room : ‘කෝරළේ හටන’ ජය පරා­ජ­යෙන් තොරයි

News Room : ‘කෝරළේ හටන’ ජය පරා­ජ­යෙන් තොරයි

0
0

හැට­වැනි වර­ටත් පැවති මතු­ගම ආනන්ද ශාස්ත්‍රා­ලය සහ මතු­ගම සාන්ත මේරි මහා විදු­හල අතර ‘කෝරළේ හටන’ මහා තර­ගය ජය පරා­ජ­යෙන් තොරව නිමා­වට පත් විය.

මතු­ගම මහ­ජන ක්‍රීඩාං­ග­ණයේ දී පැවති තර­ග­යේදී සාන්ත මේරි පිලේ ආරා­ධ­න­යෙන් පළ­මුව පන්දු­වට පහර දුන් ආනන්ද ශාස්ත්‍රා­ලය පළමු ඉනි­මට ලකුණු 164 ලබා ගත්තේය. සාන්ත මේරි කණ්ඩා­ය­මට පළමු ඉනි­මේදී කඩුලු 9ක් දැවී ලබා­ගත හැකි වූයේ ලකුණු 80ක් පමණි. ආනන්ද ශාස්ත්‍රා­ලයේ දෙවැනි ඉනිම කඩුලු හය­කට ලකුණු 123ක් ලබා ඉනිම අත්හි­ටුවූ අතර, සාන්ත මේරි පිල කඩුලු 6කට ලකුණු 167ක් ලබා සිටි­යදී තර­ගය නතර කෙරිණි.

තර­ගයේ වීරයා ලෙස සාන්ත මේරි කණ්ඩා­ය‍ෙම් ලිතුම් රන්සික නම් කළ අතර, හොඳම පිති­කරු ලෙස සාන්ත මේරි කණ්ඩා­යමේ ජතිත් සත්සර සම්මාන දිනා ගත්තේය. හොඳම පන්දු යවන්නා ලෙස තරුෂ දසුන් (ආනන්ද ශාස්ත්‍රා­ලය) හා හොඳම පන්දු රකින්නා ලෙස දෙනෙත් අන්ජන (ආනන්ද ශාස්ත්‍රා­ලය) සම්මා­න­යට පාත්‍ර වූහ.

මීග­හ­තැන්න සමූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here