Home Sport News Room : කොළොන්නාව බාලිකා නිවාස ක්‍රීඩා ජය ගෝතමියට

News Room : කොළොන්නාව බාලිකා නිවාස ක්‍රීඩා ජය ගෝතමියට

0
0

කොළොන්නාව බාලිකා මහ විදුහලේ නිවාසාන්තර මලල ක්‍රීඩා ජය ගෝතමී නිවාසයට හිමි විය. දෙවැනි ස්ථානය රුවිනි එරංගාගේ නායකත්වයෙන් යුත් මායා, තෙවැනි ස්ථානය සමනලී උපේක්ෂාගේ නායකත්වයෙන් යුත් විශාකා හා සිවුවැනි ස්ථානය හසිනි සංජනාගේ නායකත්වයෙන් යුත් සුජාතා යන නිවාසවලට හිමි විය.

විදුහල්පති ජයන්තා බලගල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මේ නිවාස ක්‍රීඩා උලෙළ නි. විදුහල්පති ජගත් රෝහණ, නි. විදුහල්පති රුවන්තා ජයවර්ධන, සහකාර විදුහල්පති මදුභාෂිනී රණසිංහ, සහකාර විදුහල්පති වින්ද්‍යා ද සිල්වා, සහකාර විදුහල්පති ධම්ම මොරවක හා සහකාර විදුහල්පති මිලින්ද නිරෝෂන් යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

සහකාර විදුහල්පති ක්‍රීඩා අංශ ප්‍රධාන කේ. ඩී. උදේනි අනූෂා, ක්‍රීඩා ආචාරිනී නිලුපුලී වීරසිංහ, ක්‍රීඩා ආචාරිනී හසිනි පබසරා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා මවුපිය සහයෝග‍යෙන් ක්‍රීඩා උලෙළ පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here