21
හින්දු ජාතිකයකු විම හේතුවෙන් පාකිස්තානයේදී විවිධ සිදුවීම්වලට මුහුණ පෑමට සිදුවීමෙන් සිය ක්‍රිකට් ජීවිතය විනාශ වූ බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක දනීෂ් කනේරියා ප්‍රකාශ කර තිබේ. සිය ක්‍රිකට් දස්කම් සඳහා පාකිස්තානයේදී ඇගැයීමක් නොලැබූ බව පාකිස්තානයේ සුළුතරයන්ගේ තත්ත්වය සම්බන්ධව අමෙරිකාවේ කොන්ග්‍රස් මණ්ඩල සාකච්ඡාවකදී කනේරියා මේ බව සඳහන් කර ඇතැයි වාර්තා වේ.
අසූව දශකයේ මැද භාගයේදී පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කළ අනිල් දල්පාට්ගෙන් පසු එරට ජාතික ක්‍රිකට් පිල නියෝජනය කළ පළමු හින්දු ජාතිකයා වන දනීෂ් කනේරියා වසර 2000 සිට 2010 දක්වා කාලය තුළ එරට ජාතික ක්‍රිකට් පිලට ක්‍රීඩා කර තිබිණි. ඔහු දකුණත් දඟ පන්දු යවන්නකු ලෙස කැපී පෙනෙන දස්කම් පෑ අතර, ටෙස්ට් තරග 61කදී කඩුලු 261ක් සහ එක්දින තරග 18කදී කඩුලු 15ක් දවාලීමට සමත් විය. 2010 වසරේදී තරග පාවාදීමේ චෝදනාවකට හසුවීමෙන් පසු ඔහු ජීවිතාන්තය දක්වා තරග තහනමකට ලක්විය.