Home Sport News Room : 19න් පහළ දෙවැනි කොටසේ ටියර් ‘ඒ’ එක්දින ක්‍රිකට් ශූරයෝ...

News Room : 19න් පහළ දෙවැනි කොටසේ ටියර් ‘ඒ’ එක්දින ක්‍රිකට් ශූරයෝ වෙන්න­ප්පුව සාන්ත ජෝසප් වාස්

0
0

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංග­මය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනු­ග්‍ර­හය ඇතිව සංවි­ධා­නය කළ අවු­රුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට වෙන්න­ප්පුව සාන්ත ජෝසප් වාස් විදු­හල සමත් විය.

පසු­ගි­යදා මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පැවති අව­සන් තර­ග­යේදී සාන්ත ජෝසප් වාස් විදු­හල හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යා­ල­යට එරෙ­හිව ලකුණු 16ක ජයක් ලබ­මින් ශූර­යන් බවට පත් විය.

කාසියේ වාසිය හිමි කර­ගත් ජෝසප් වාස් පිල පළ­මුව පන්දු­වට පහර දෙමින් ඕවර 47.5කදී සිය­ල්ලන් දැවී ලකුණු 153ක් රැස් කළ අතර, පිළි­තුරු ලෙස තක්ෂිලා පිලට සිය­ල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු  137ක් පමණි.

වෙන්න­ප්පුව සාන්ත ජෝසප් වාස් පිල මීට පෙර දෙදින තර­ගා­ව­ලියේ ශූර­යන් බවට පත්වෙ­මින් පළමු කොටස ටියර් ‘බී’ තර­ගා­ව­ලි­යට උස­ස්වීම් ලැබීය.

සාන්ත ජෝසප් වාස් – 153. සාවියෝ ප්‍රනාන්දු 31, ෂෙහාර ප්‍රනාන්දු 26, කාවින්ද රත්නා­යක 22, ආකර්ෂ වර්ණ­කු­ල­සූ­රිය නොදැවී 20 (රශාන් දීමන්ත 31/3, යොමාෂ් යසිත් 35/3, තිළිණ කුමාර 22/2)

තක්ෂිලා – 137. කුවිඳු මධු­භාෂ 72 (හිමාල් රවි­හංස 32/4, මති­ෂාන් ප්‍රනාන්දු 22/3)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here