කසකස්තාන පුරා කලහකාරී ලෙස උද්ඝෝෂණ ආරම්භ වී තිබෙනවා.
ඒ, ඉන්ධන සඳහා ලබාදුන් සහනයක් ඉවත් කිරීමට එරට රජය තීරණය කිරීමත් සමඟයි.
අනතුරුව එරට අගමැතිවරයා ප්රමුඛ රජය ඉල්ලා අස්වුණා.
කෙසේ වෙතත් මෙම කලහකාරී ලෙස හැසිරෙන උද්ඝෝෂකයින් ට “අනතුරු ඇඟවීමකින් තොරව” වෙඩි තබන ලෙස කසකස්තාන ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබෙනවා.
ඒ, රජයට එරෙහිව පැවැත්වෙන මෙම උද්ඝෝෂණ පාලනය සඳහායි.
එමෙන්ම ඇතිවූ ගැටුම් හේතුවෙන් මේ දක්වා කලහකාරී ලෙස හැසිරුණු 26 දෙනෙක් සහ ආරක්ෂක හමුදා සාමාජිකයින් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.