Home Local News Room : ‘අගමැතිනිය ස්වාධීන වෙයිද’ – ලාල් කාන්තගෙන් ප‍්‍රකාශයක්.. ~

News Room : ‘අගමැතිනිය ස්වාධීන වෙයිද’ – ලාල් කාන්තගෙන් ප‍්‍රකාශයක්.. ~

0
0
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය ස්වාධීන වීමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන් හුදෙක් පදනම් විරහිත දේශපාලන කටකතා පමණක් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කලින් කලට විවිධ පාර්ශ්වයන් විසින් සමාජය නොමඟ යැවීම සඳහා මෙවැනි සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සුලබ ක්‍රියාවක් බවයි.

මෙම අසත්‍ය දේශපාලන ප්‍රකාශ පිළිබඳව මෙරට ජනතාව මනා අවබෝධයකින් පසුවන බැවින් ඔවුන් මෙවැනි ප්‍රබන්ධ හමුවේ කලබලයට පත් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, “පිස්සන් කලබල වූ පමණින් වෛද්‍යවරුන් කලබල වන්නේ නැතැයි” පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here