ලෝක වෙළඳපොලේ තෙල් මිල වසර 7කට පසුව අද ඉහළම අගය වාර්තා කළා.
ඒ, අබුඩාබියේ දී එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් අනතුරුව මැදපෙරදිග තෙල් සැපයුම පිළිබඳව මතුව ඇති අවිනිශ්චිතතාවය හේතුවෙන්.
මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අද ආසියානු වෙළඳපොළේ අලෙවි වූයේ ඩොලර් 86.92ක මිලකට.
ඇමරිකානු W.T.I. තෙල් බැරලයක මිල ඩොලර් 84.62ක් ලෙස සටහන් වුණා .
අබුඩාබි ප්‍රහාරයෙන් පසු ඉරාන සන්ධානය සහ සෞදි සන්ධානයත් ඇර ඇති වී තිබෙන මෙම උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් තෙල් සැපයුම අඩු වීමේ හැකියාව ද පවතින බවයි වාර්තා වන්නේ.