Home Local News Room : අලුත්ම සමීක්‍ෂණයෙන් ජනමතය අනුරට ඩබල් වෙයි… සජිත්ට තිබුන එකත්...

News Room : අලුත්ම සමීක්‍ෂණයෙන් ජනමතය අනුරට ඩබල් වෙයි… සජිත්ට තිබුන එකත් නෑ! ~

0
0
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනය සහ ක්‍රියාකලාපය පිළිබඳව මෙරට ජනතාවගෙන් 75.5%ක ඉහළ ප්‍රසාදයක් පවතින බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ (CPA) සමාජ දර්ශක ඒකකය මගින් සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

‘ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ විශ්වාසය’ මැයෙන් සිදුකළ මෙම සමීක්ෂණයට අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව ජනතා ප්‍රසාදය පවතින්නේ 29.4%ක මට්ටමකය. විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව 64.9%ක් අතෘප්තිය පළ කර ඇති අතර, ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එම අගය 23.3%ක් තරම් අඩු මට්ටමක පවතී.Local News

ජනාධිපතිවරයා කෙරෙහි වැඩිම ප්‍රසාදයක් පළ කර ඇත්තේ වතු දෙමළ ප්‍රජාව (94.4%) සහ මුස්ලිම් ප්‍රජාව (93.4%) විසිනි. සිංහල ප්‍රජාව අතර ජනාධිපතිවරයා කෙරෙහි පවතින ප්‍රසාදය 69.9%කි. වයස අවුරුදු 18-29 අතර තරුණ ප්‍රජාවගෙන් 81.6%ක් ජනාධිපතිවරයාගේ පාලනය පිළිබඳව සතුට පළ කර ඇති අතර, ග්‍රාමීය ජනතාව අතර එම අගය 76.4%ක් ලෙස සටහන් වේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන සහ වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීමට රජය ගන්නා උත්සාහය පිළිබඳව ජනතාවගෙන් 51.6%ක් සතුට පළ කරති. මේ සම්බන්ධයෙන් වැඩිම විශ්වාසයක් මුස්ලිම් (73.3%) සහ වතු දෙමළ (72.2%) ප්‍රජාවන් තුළ පවතින අතර, සිංහල ප්‍රජාව අතර එම අගය 46.4%කි. එමෙන්ම ජාතික ජන බලවේගය සතු කාර්යක්ෂම පාලනයක් ගෙන යාමේ හැකියාව පිළිබඳව 62.8%ක ජනතාවක් විශ්වාසය පළ කර ඇත.

ජීවන වියදම පාලනය කිරීම සම්බන්ධයෙන් ජනමතය බෙදී පවතින බව සමීක්ෂණය පෙන්වා දෙයි. ඒ පිළිබඳව 45.3%ක් සතුට පළ කරන අතර 44%ක් අතෘප්තිය පළ කරති. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට 64.1%ක බහුතරයක් එකඟතාව පළ කර ඇතත්, එය වහාම ආරම්භ කළ යුතු බව පවසන්නේ 23.6%ක් පමණි.

මීට අමතරව, ආපදා සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව 68.6%ක් සතුට පළ කර ඇති අතර, පළාත් සභා මැතිවරණය පැවැත්වීම වැදගත් බව 67%කගේ මතය වී තිබේ.

දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පුද්ගලයන් 1,240ක් යොදාගෙන මැයි 23 සිට ජූනි 18 දක්වා කාලය තුළ මෙම සමීක්ෂණය පවත්වා ඇත.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here