‘ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ විශ්වාසය’ මැයෙන් සිදුකළ මෙම සමීක්ෂණයට අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව ජනතා ප්‍රසාදය පවතින්නේ 29.4%ක මට්ටමකය. විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව 64.9%ක් අතෘප්තිය පළ කර ඇති අතර, ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එම අගය 23.3%ක් තරම් අඩු මට්ටමක පවතී.Local News
ජනාධිපතිවරයා කෙරෙහි වැඩිම ප්‍රසාදයක් පළ කර ඇත්තේ වතු දෙමළ ප්‍රජාව (94.4%) සහ මුස්ලිම් ප්‍රජාව (93.4%) විසිනි. සිංහල ප්‍රජාව අතර ජනාධිපතිවරයා කෙරෙහි පවතින ප්‍රසාදය 69.9%කි. වයස අවුරුදු 18-29 අතර තරුණ ප්‍රජාවගෙන් 81.6%ක් ජනාධිපතිවරයාගේ පාලනය පිළිබඳව සතුට පළ කර ඇති අතර, ග්‍රාමීය ජනතාව අතර එම අගය 76.4%ක් ලෙස සටහන් වේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන සහ වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීමට රජය ගන්නා උත්සාහය පිළිබඳව ජනතාවගෙන් 51.6%ක් සතුට පළ කරති. මේ සම්බන්ධයෙන් වැඩිම විශ්වාසයක් මුස්ලිම් (73.3%) සහ වතු දෙමළ (72.2%) ප්‍රජාවන් තුළ පවතින අතර, සිංහල ප්‍රජාව අතර එම අගය 46.4%කි. එමෙන්ම ජාතික ජන බලවේගය සතු කාර්යක්ෂම පාලනයක් ගෙන යාමේ හැකියාව පිළිබඳව 62.8%ක ජනතාවක් විශ්වාසය පළ කර ඇත.
ජීවන වියදම පාලනය කිරීම සම්බන්ධයෙන් ජනමතය බෙදී පවතින බව සමීක්ෂණය පෙන්වා දෙයි. ඒ පිළිබඳව 45.3%ක් සතුට පළ කරන අතර 44%ක් අතෘප්තිය පළ කරති. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට 64.1%ක බහුතරයක් එකඟතාව පළ කර ඇතත්, එය වහාම ආරම්භ කළ යුතු බව පවසන්නේ 23.6%ක් පමණි.
මීට අමතරව, ආපදා සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව 68.6%ක් සතුට පළ කර ඇති අතර, පළාත් සභා මැතිවරණය පැවැත්වීම වැදගත් බව 67%කගේ මතය වී තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පුද්ගලයන් 1,240ක් යොදාගෙන මැයි 23 සිට ජූනි 18 දක්වා කාලය තුළ මෙම සමීක්ෂණය පවත්වා ඇත.
මේ පුවත තව අයට බලන්න







