හිටපු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය මෙන්ම ප්‍රවීණ සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මියගේ ස්විට්සර්ලන්ත ජාතික සැමියා වූ ක්‍රිස් ෆර්ඩිනන්ඩ් (Chris Ferdinand) මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 81 වන වියේ පසුවිය.
බත්තරමුල්ල, ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි සිය දියණියගේ නිවසේ රැඳී සිටි ඒ මහතා, ඊයේ (20) උදෑසන අවදි නොවීම හේතුවෙන් පවුලේ සාමාජිකයන් ඒ පිළිබඳව තලංගම පොලිසිය දැනුවත් කර ඇත.
පසුව සිදුකළ පරීක්ෂණවලදී ඔහු සිය නිදි යහන මතම මියගොස් සිටින බව අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම හදිසි මරණ පරීක්ෂක ස්ථානීය පරීක්ෂණයක් පවත්වා ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත යොමු කරන ලෙස පොලිසියට නියෝග කළාය.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, දේහය අවසන් කටයුතු සඳහා ස්විට්සර්ලන්තය වෙත රැගෙන යාමට නියමිත බව තලංගම පොලිසිය සඳහන් කරයි.
මේ පුවත තව අයට බලන්න







