Home Local News Room : පෝර්ට් සිටි ඝාතනයට ඇල්ලූ සැකකරුවන් දෙකක් පැය 24ක් රඳවගන්න...

News Room : පෝර්ට් සිටි ඝාතනයට ඇල්ලූ සැකකරුවන් දෙකක් පැය 24ක් රඳවගන්න අවසර ~

0
0
කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට පැය 24 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. ඒ ඊයේ අලුත්කඩේ අංක 8 අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

එම ඝාතනය සම්බන්ධයන් අවශ්‍ය කර සිටින අනෙක් සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.

කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවන් තුන්දෙනෙකුගෙන් දෙදෙනෙකු පෙරේදා රාත්‍රියේදී අත්අඩංගුවට ගැණුනි.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය, සිගිරිය ප්‍රදේශයේ කල මෙහෙයමුකදී ය.

දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර චීන ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මෙම ඝාතනයෙන් පසු, ස්වරූපය සහ නම් වෙනස් කරමින් මෙරට රැදී සිට ඇතැයි ද පොලීසිය අනාවරණය කළේ ය.

පසුගිය ජුලි 22 වැනිදා රාත්‍රියේ කොළඹ වරාය නගරයේ පාලමක් මත චීන ජාතිකයින් තුන්දෙනෙකු මසුන් අල්ලමින් සිටියදී, වෑන් රථයකින් පැමිණි තවත් චීන ජාතිකයින් පිරිසක් ඔවුන්ට පහරදී, අත්පා ගැට ගසා, එක් අයෙකු පැහැරගෙන ගොස් තිබුණි.

පැහැරගෙන ගිය චීන ජාතිකයාගේ මළ සිරුර පසුව සොයා ගැනුණේ ඇහැළියගොඩ කරදන ප්‍රදේශයේ දමා ගොස් තිබියදීයි.

පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වී ඇත්තේ, පිහි ඇනුම් හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුවු හානි හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.

ඝාතනයට ලක් වූ හාඕ සොන්ග් නමැති අදාළ චීන ජාතිකයා පරිගණක අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙකු බව පසුව අනාවරණය විය.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද චීන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

-srilankamirror

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here