කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවති උපාධි ප්‍රදානෝත්සවයකදී සිදුවූ මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් ව්‍යර්ථ කිරීමට නාරාහේන්පිට පොලිසිය සමත්වී තිබෙනවා. මාතර වැලිගම සහ මිදිගම ප්‍රදේශවල පදිංචි මෙම පෙම්වතිය, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වී ඇත්තේ සිය පෙම්වතාට නොදන්වයි.
එම අවස්ථාවේදී BMICH පරිශ්‍රයට පැමිණි පෙම්වතා විසින් තරුණියව බලහත්කාරයෙන් මෝටර් රථයකින් පැහැරගෙන ගොස් තිබෙනවා.
තරුණියගේ පියා විසින් වහාම මේ පිළිබඳව පොලිසියට දැනුම් දීමත් සමඟ ක්‍රියාත්මක වූ නාරාහේන්පිට පොලිසිය, නාරාහේන්පිට සිට නාවල දෙසට ධාවනය වූ SP CAI – 7562 අංකය සහිත මෝටර් රථය නතර කිරීමට අණ කර ඇතත්, එය නොතකා ධාවනය කිරීම නිසා පොලිසිය මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
💥 අනාවරණය වූ තොරතුරු:
වෙඩි ප්‍රහාරයෙන් පසු රියදුරා මෝටර් රථය දමා පලාගොස් ඇති අතර, රථය තුළ සිටි තරුණිය ආරක්ෂිතව මුදාගෙන කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර ඇත.
පැහැරගැනීමට භාවිත කර ඇත්තේ තරුණියගේ පියා විසින් උපාධි ප්‍රදානෝත්සවයට පැමිණීමට රැගෙන ආ, පෙම්වතාට අයත් මෝටර් රථය බවයි හෙළි වී ඇත්තේ.
පලාගිය පෙම්වතා මත්ද්‍රව්‍ය භාවිතය සහ අලෙවිය සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි.
අදාළ මෝටර් රථය කුරුඳුවත්ත පොලිසිය භාරයට ගෙන ඇති අතර, පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
මේ පුවත තව අයට බලන්න







