වරෙන්තු (අත්අඩංගුවට ගැනීමේ නියෝග) නිකුත් කිරීමෙන් පසුව අත්අඩංගුවට ගැනීමෙන් මගහරින හෝ සැඟවී සිටින පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමට අධිකරණයට බලය ඇති බව ශ්රී ලංකා පොලිසිය මහජනතාවට නැවත මතක් කර දෙයි.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්රහය පනතේ 60 වන වගන්තිය යටතේ, වොරන්ට් නියෝග මගහරින පුද්ගලයකුට දින 30 කට නොඅඩු කාලයක් ලබාදෙමින්, නියමිත ස්ථානයකට සහ වේලාවකට පෙනීසිටින ලෙස නියම කරමින් අධිකරණයට ලිඛිත ප්රකාශනයක් (proclamation) නිකුත් කළ හැකිය.
එවැනි ප්රකාශනයකින් පසුවද අදාළ පුද්ගලයා අධිකරණයේ පෙනීසිටීමට අපොහොසත් වන්නේ නම්, 61 වැනි වගන්තිය යටතේ එම තැනැත්තාට අයත් චංචල හෝ නිශ්චල දේපළ තහනම් කිරීමට අධිකරණයට නියෝග නිකුත් කළ හැකි බව පොලිසිය වැඩිදුරටත් පවසයි.







