Home Local News Room : මා කල වරද කියන්න – ශවේන්ද්‍ර අසයි ~

News Room : මා කල වරද කියන්න – ශවේන්ද්‍ර අසයි ~

0
0
තමන් යුද අපරාධකරුවෙකු නොවන බවත්, මව්බිම වෙනුවෙන් සටන් වැදුණු නිලධාරියෙකු ලෙස තමන්ට පනවා ඇති ජාත්‍යන්තර සම්බාධකවලට එරෙහිව කරුණු විමසීමට සූදානම් බවත් හිටපු යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.

ඉන්දියාව පදනම් කරගත් ‘ඉම්පැක්ට් ස්ටෝරීස්’ යූ ටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු හමුදාපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැති මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේදී යුද අපරාධ සිදු කළ බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ඒ මහතා, තමන්ට එරෙහිව නගා ඇති චෝදනාවලට පිළිතුරු ලබා දීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව පවසා ඇත.

එක්සත් ජනපදය මෙන්ම මෑතකදී බ්‍රිතාන්‍යය ද තමන්ට එරෙහිව සම්බාධක පනවා ඇති බව සිහිපත් කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, තමන් කළ වරද කුමක්දැයි පැහැදිලි කරන ලෙස ප්‍රශ්න කර සිටියි.

හමුදා නීතියට පටහැනිව කිසියම් හෝ වරදක් සිදු කර ඇත්නම් ඊට දඬුවම් ලැබිය යුතු බවත්, තමන් සිදු කළේ රට වෙනුවෙන් පැවරුණු රාජකාරිය නිසි ලෙස ඉටු කිරීම පමණක් බවත් හෙතෙම අවධාරණය කරයි.

යුද සමයේදී සාමාන්‍ය වැසියන් කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්වූ බවත්, ආයුධ බිම තබා භාර වූ 12,000කට අධික කොටි සාමාජිකයන් කිසිදු ගැටලුවකින් තොරව බාරගෙන පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළ බවත් ඔහු එහිදී පෙන්වා දී තිබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුපුරුවා හරිමින් සහ උතුම් ශ්‍රී දළදා මාලිගාවට පවා ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන්ට සමාව හිමිව තිබියදී, නීත්‍යනුකූලව සටන් මෙහෙයවූ වෘත්තීය හමුදාවකට එරෙහිව ලොව පුරා මෙලෙස සම්බාධක පැනවීම කනගාටුදායක තත්ත්වයක් බව ද හිටපු හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here