Home Local News Room : අධිකරණයට අපහාස කළ විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසට ඉදිරි...

News Room : අධිකරණයට අපහාස කළ විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසට ඉදිරි පියවර ගනී! ~

0
0
අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව සඳහන් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු 6 දෙනෙකුට ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති අතර එය ඊයේ (08) වනදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

කැඳවීමෙන් අනතුරුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර ඇත.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති සත්‍යග්‍රහය අතරතුර අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අයුරින් අදහස් දැක්වූ බව කියන විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට ඇතුළු 6 දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පසුගිය අගෝස්තු (05) වනදා නියෝග කළේය.

එහිදී අධිකරණ ක්‍රියාවලිය විවේචනය කර ඇති බව බැලූ බැල්මට පෙනෙන්නට ඇතැයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ නඩු පවරණ ලෙස නියෝග කළේය.

එ අනුව අභියාචනාධිකරණය හමුවේ මෙලෙස නඩු පැවරීමට තීරණය කරන ලද්දේ, හිටපු අමාත්‍යවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයින් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ නමැත්තන්ට එරෙහිවයි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here