Home Local News Room : UPDATE : පාස්කු මහ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම...

News Room : UPDATE : පාස්කු මහ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඇරඹේ! ~

0
0
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද(22) දහවල් 12:27ට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ ආරම්භ විය. ඒ, මහාධිකරණ විනිසුරු (සභාපති) නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක, රාමනාදන් කන්නන් යන කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විනිසුරුවරුන් ඉදිරියේදීයි. මෙහිදී අධිකරණය විත්තිකරුවන්ට චෝදනා 16ක් කියවා දෙනු ලැබීය.

පසුව විත්තිකරුවන්ගේ දිවා ආහාරය ලබා ගැනීමට නියමිත බැවින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද(22) පස්වරු 01:45 දක්වා කල් තබන ලදී.

2019 වසරේ පාස්කු ඉරිදා දින සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් අට දෙනෙකුට බෝම්බ ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නීතිපතිවරයා විසින් 2021 ඔක්තෝබර් මස 04 වන දා නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා භාර දෙනු ලැබීය. 

ඉන් යාසින් බාවා අබ්දුල් රාවුෆ් නමැත්තා නඩු විභාගය අතරතුර 2023 වසරේදී මිය ගොස් ඇත.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here