Home Local News Room : 22ට එරෙහිව SJB වැසි නොතකා පොල්දූව අවහිර කරයි… පාර්ලිමේන්තු...

News Room : 22ට එරෙහිව SJB වැසි නොතකා පොල්දූව අවහිර කරයි… පාර්ලිමේන්තු පාරේ තත්ත්වය මෙන්න ~

0
0
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය (SJB) විසින් සංවිධානය කළ දැවැන්ත විරෝධතාව හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

“ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව පෙරදැරි කරගනිමින් සංවිධානය වූ මෙම විරෝධතාව අද (24) උදෑසන 9.30 ට පමණ පොල්දූව මංසන්ධියෙන් ආරම්භ විය.

අද උදෑසන සිට බත්තරමුල්ල ප්‍රදේශයට නොකඩවා වැසි ඇදහැලුනද, කාලගුණික බාධා නොතකමින් විශාල පිරිසක් විරෝධතාව සඳහා එක්ව සිටිති. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විරෝධතාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පක්ෂ නියෝජිතයන් සහ පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටින බව අද දෙරණ වාර්තාකරු තහවුරු කළේය.

විරෝධතාකරුවන් පාර්ලිමේන්තු පිවිසුම දෙසට ඉදිරියට ගමන් කිරීමත් සමඟ බත්තරමුල්ල සහ ඊට ආසන්න ප්‍රදේශයන්හි මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.

විරෝධතාව අතරතුර අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා නීතියේ ආධිපත්‍යය විනාශ කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවයි. වත්මන් ආණ්ඩුව පරාජය කිරීමට කටයුතු කරන බව පැවසූ ඒ මහතා, හැකියාවක් තිබේ නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසද ආණ්ඩුවට අභියෝග කළේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here