Home Local News Room : ගෝඨාගේ කාළේ Highway එකෙන් කෝටි 461ක මහජන මුදල් අතුරුදහන්!...

News Room : ගෝඨාගේ කාළේ Highway එකෙන් කෝටි 461ක මහජන මුදල් අතුරුදහන්! ~

2
0
2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ වසර 4යි මාස 9ක කෙටි කාලය තුළ අධිවේගී මාර්ගවල සිදුවූ මහා පරිමාණ ටිකට්පත් අක්‍රමිකතා හේතුවෙන්, මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 4,614කට අධික (කෝටි 461ක) දැවැන්ත ආදායමක් අහිමි වී ඇති බව නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ. මෙය දිනකට රුපියල් මිලියනයකට ආසන්න මහජන මුදලක් අහිමි වීමකි.

​විගණනයේදී හෙළි වී ඇති භයානකම කරුණ නම්, අදාළ කාල සීමාව තුළ ප්‍රවේශ ටිකට්පත් මිලියන 133.8ක් නිකුත් කර තිබුණද, වාහන මිලියන 18.2කට අධික සංඛ්‍යාවකට පිටවීමේ ටිකට්පත් නිකුත් කර පවා නොතිබීමයි. එපමණක් නොව, අයකැමිවරුන් විසින් පද්ධතියේ වාහන වර්ගය හිතුමනාපයට වෙනස් කරමින් ටිකට්පත් 241,964ක් නිකුත් කර ඇත. මෙම අක්‍රමිකතාවලට වගකිව යුතු මුදල් අයකැමිවරුන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට හෝ මෙය වැළැක්වීමට අධිවේගී මාර්ග කළමනාකාරීත්වය කටයුතු කර නැති බවද එහි සඳහන් වේ.

​අනෙක් පසින්, අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 611,374ක දැවැන්ත දේශීය හා විදේශීය ණයක් ලබාගෙන ඇත. වර්තමාන සාමාන්‍ය වාර්ෂික ශුද්ධ ලාභය අනුව (රුපියල් මිලියන 3,560.62), පොලිය පසෙක තබා ණය මුදල පමණක් ආපසු ගෙවීමට පවා වසර 171කට වැඩි කාලයක් ගතවේ.

රටම ණය බරින් මිරිකී සිටින මොහොතක, සිදුවන මෙවැනි සංවිධානාත්මක වංචා සහ කළමනාකරණ අකාර්යක්ෂමතාවන් පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු නොවේද?

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here