Home Local News Room : කොලඹ වරායේ සැක කන්ටේනරයක්… අරින්න පෙර පොලිසිය උසාවි යයි...

News Room : කොලඹ වරායේ සැක කන්ටේනරයක්… අරින්න පෙර පොලිසිය උසාවි යයි ~

0
0

කොළඹ වරාය පරිශ්‍රයේ සැකකටයුතු භාණ්ඩ අඩංගු කන්ටේනරයක් ඇති බවට ලද තොරතුරක් මත පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොළඹ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට ද පියවර ගෙන ඇත.

සහල් අඩංගු බහාලුමක් ලෙස අඟවමින්, නීතිවිරෝධී ලෙස ඉන්දියාව වෙත ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ පිත්තල භාණ්ඩ තොගයක් පිළිබඳව ලද තොරතුරකට අනුව මෙම විමර්ශනය ක්‍රියාත්මක වන අතර, අදාළ කන්ටේනරය විවෘත කර පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.

මීට පෙර ද කොළඹ වරායේ බහාලුමක සඟවා තිබූ රුපියල් කෝටි අටසියයකට අධික වටිනාකමකින් යුත් අයිස් (ICE) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සොයාගනු ලැබුවේ පොලිසියට ලද තොරතුරකට අනුවය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here