පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සාමාජිකයෙකු ලෙස නම් කර සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ.
අද (ඔක්. 18) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ඒ බව නිවේදනය කළේ ය.
ඒ අනුව, එම පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා නම් කර ඇත.