Home Local News Room : BREAKING: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හදිසි හෘදයාබාදයක්! කොළඹ නවලෝක...

News Room : BREAKING: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හදිසි හෘදයාබාදයක්! කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරේ! ~

0
0
 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ ඇති වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. පසුගිය දින කිහිපය මුළුල්ලේම විවිධ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට මුහුණ දී සිටි ඒ මහතා, අද (12) දිනයේදී වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් එහි රඳවා සිටින සිය බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බැලීමට සැලසුම් කර තිබූ බවද දැනගන්නට ඇත.

කෙසේවෙතත්, අද පෙරවරුවේ උද්ගත වූ මෙම හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

මේ වන විට දිවයිනේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටියි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here