Home Local News Room : ශෂී වීරවංශට දඬුවම් නියම කරන්න යයි ~

News Room : ශෂී වීරවංශට දඬුවම් නියම කරන්න යයි ~

0
0
අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වී සිරදඬුවම් නියම වූ ශෂී වීරවංශ මහත්මියට අදාළ දඬුවම් නියම කිරීම පිළිබඳ නඩුව ලබන 26 වනදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (12) නියෝග කළේය.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකාරිය කෙරුණු ශෂී වීරවංශ මහත්මියට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඉකුත් 2022 වසරේ මැයි මස 27 වන දින වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබිණි.

එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවමක්ද නියම වූ අතර, මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් එම තීන්දුව 2026 ජූනි මස 11 වන දින කොළඹ මහාධිකරණය මඟින්ද තහවුරු කරනු ලැබීය.

මහාධිකරණ තීන්දුවට එරෙහිව විත්තිකාරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කර ඇති අතර, එම ඇපෑලට අදාළ නඩුව අද (12) දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගන්නා බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ නඩුව ලබන 26 වන දින දක්වා කල් තැබීමට නියෝග කළ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන අදාළ නඩු කටයුත්තට අදාළ කාර්ය සටහන් වාර්තා එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද විත්ති පාර්ශ්වයට නියෝග කළේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here