රටේ ජනතාව වෙනුවෙන් , අයි.එම්.එෆ් ණය ගෙවා දැමීමට දීර්ඝ කාලයක් ලබා දෙන්නයි අයි.එම්.එෆ් දේශීය නියෝජිතවරියගෙන් ඉල්ලීමක් කළා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පල කර සිටියා.
අපි රජයට හැම අවස්ථාවකම විපක්ෂයේ සිට සහයෝගය දුන්නා.ජාත්‍යන්තර ප්‍රසාදය දිනා ගන්න 21 වන ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යයි කිව්වා අපි ඒකට සහයෝගය දුන්නා.අපි අයි,එම්,එෆ් යන්න කිව්වා ,සමහර අයි,එම්,එෆ් කොන්දේසි වලට අපි එකඟ නැති නිසා ඡන්දය දීමෙන් වැළකී සිටියා.අයි,එම්,එෆ් ගියපු එක හොඳයි නමුත් ජනතාවට දරාගත හැකි වෙන්න ඕනේ.අයි,එම්,එෆ් ශ්‍රි ලන්කාවේ නියෝජිතවරිය එදා අපිට හමු වුන වෙලාවේ ෂෙහාන් ඇමතිතුමා ඉස්සරහම මම එතුමියට කිව්වා ණය ගෙවන්න ආණ්ඩුවට දීර්ඝ කාලයක් ලබා දෙන්න කියලා.එහෙම උනාම ජනතාවට තියෙන පීඩනය අඩු වෙනවා.අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් ණය ගෙවීමට කටයුතු කළොත් ජනතාවට ඇතිවන පීඩනය වැඩි වෙනවා.බදු වැඩි වෙනවා,විදුලි බිල වැඩි වෙනවා,ජීවන වියදම වැඩිවෙනවා.දේශීය නියෝජිතවරියට අපේ ණය ගෙවන්න දීර්ඝ කාලයක් ලබා දෙන්න කිවුවම එතුමිය බෑ කිව්වා.ණය ගෙවීම ඉක්මනට කරන්න ඕනි කිව්වා.