Home Local News Room : Chamari Bay: චමරි අතපත්තු නමින් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ විශේෂ...

News Room : Chamari Bay: චමරි අතපත්තු නමින් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ විශේෂ කලාපයක් (VIDEO)

1
0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකා චමරි අතපත්තු වෙනුවෙන් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ආසන සහිත ප්‍රදේශයක් නම් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, එළඹෙන 26 වන දා Sydney Sixers Women සමග පැවැත්වෙන තරගයේදී සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ආසන සහිත කොටසක්, ‘Chamari Bay’ ලෙස නම් කිරීමට Women’s Big Bash League තරගාවලියේ චමරි නියෝජනය කරන Sydney Thunder Women කණ්ඩායම තීරණය ඇත.

Women’s Big Bash League තරගාවලියේදී චමරි අතපත්තු දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

“ගොඩක් සතුටුයි. මම හිතන්නේ පළමු වතාවට තමයි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට මේ වගේ අවස්ථාවක් ලැබුණේ,” යනුවෙන් චමරි මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඒ පිළිබඳව පැවසුවා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here